Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd November 2023 20:59:06 Hours

යුද්ධ හමුදා භටපිරිස් ‘රුහුණු රස සරණිය’ ආහාර ප්‍රදර්ශණයට සිය දායකත්වය දක්වයි

61 පාබල සේනාංකයේ භටපිරිස් විසින් දකුණු පළාත් සභාව මගින් ගාල්ල නගර ශාලා පරිශ්‍රයේදී ඔක්තෝබර් මස 27 - 28 දිනයන්හිදී සංවිධානය කරන ලද ‘රුහුණු රස සරණිය’ ආහාර ප්‍රදර්ශණය සඳහා සිය දායකත්වය දක්වන ලදී.

ආහාර නිශ්පාදන වෙළඳ පොළ සඳහා තරුණ ව්‍යවසායකයින්ගේ දායකත්වය වැඩිකරමින් දේශීය ආහාර වර්ග සහ ආහාර වට්ටෝරු ප්‍රචලිත කිරීම මෙම ආහාර ප්‍රදර්ශණයේ අරමුණ විය.

ආහාර නිශ්පාදන ක්‍ෂේත්‍රය සම්බන්ධව උනන්දුවක් දක්වන කණ්ඩායම්, ළමුන් සහ ව්‍යාපාරිකයින් විශාල පිරිසක් මෙම ප්‍රදර්ශණය සඳහා සහභාගී වූහ.

61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන් රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී උත්සවයේ ආරම්භක අවස්ථාව සඳහා සහභාගී වූ අතර, දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

දකුණු පළාතේ විවිධ ප්‍රදේශවලින් පැමිණි සූපවේදීන් විශාල පිරිසක් මෙම ආහාර ප්‍රදර්ශණය සඳහා එක්ව සිටියහ. 61 පාබල සේනාංකයේ භටපිරිස් සහ නිළධාරීන් මෙම උත්සවය සංවිධානය කිරීම සඳහා රාජ්‍ය බලධාරීන්ට සහාය දැක්වූ අතර, එහිදී යුද්ධ හමුදා භටපිරිස් විසින්ද ආහාර ප්‍රදර්ශණය සඳහා වෙළඳ කුටියක් ඉදිරිපත්කරන ලදී.