27th October 2023 08:15:33 Hours
16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරින් 9 දෙනෙකු සහ සෙසුනිලයන් 303 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු බලඇණි පුහුණු පාඨමාලාව 2023 සැප්තැම්බර් මස 4 සිට ඔක්තෝබර් මස 24 දින දක්වා ගල්කුලම බලඇණි පුහුණු පාසලේදී පැවැත්විණි.
පාඨමාලාවේ විෂය නිර්දේශය සඳහා ජීව වෙඩි තැබීමේ අභ්‍යාස, සිවිල් හමුදා සහයෝගීතාවය සහ මානුෂීය මෙහෙයුමේ අත්දැකීම් පිළිබඳ දේශන සහ ප්‍රායෝගික සැසි ඇතුළත් වූ අතර මෙම පාඨමාලාව ත්‍යාග ප්‍රධානෝත්සවයකින් අවසන් විය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සමාප්ති දේශනය පැවැත්වීමෙන් අනතුරුව ත්‍යාග ප්‍රදානය කරනු ලැබීය.
මෙම උත්සව අවස්ථාව සඳහා 21 සහ 56 පාබල සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, 561 පාබල බලසේනාවේ බලසේනාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.
පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කපිතන් එම්.එන්.සී.පී. අබේවික්‍රම දිනාගත් අතර කෝප්‍රල් ඩී.ඒ.එන්.එස්. දෙගුරුආරච්චි දක්‍ෂතම වෙඩික්කරු සහ හොඳම ශාරීරික යෝග්‍යතාවයෙන් හෙබි සෙබලා ලෙසත් සම්මාන දිනාගත්තේය. හොඳම කණ්ඩායමට හිමි සම්මානය ‘බී’ කණ්ඩායම විසින් දිනාගනු ලැබීය.