26th October 2023 07:08:04 Hours
අම්පාර සටන් පුහුණු පාසල් පරිශ්‍රයේදී 2023 සැප්තැම්බර් මස 30 දින ආරම්භ වූ ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක - 69 සති තුනක කාලසීමාවක් පුරාවට පැවැත්වීමෙන් අනතුරුව එහි සමාප්ති උත්සවය පසුගිය අඟහරුවාදා (ඔක්තෝබර් මස 24) දින එම පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් සෙසුනිලයන් 181 දෙනෙකු මෙම පාඨමාලාව සඳහා සහභාගී වූ අතර 19 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සාමාන්‍ය සෙබල ඒ.එම්.ඩී.එම්. අලහකෝන් ප්‍රථම ස්ථානය දිනාගනු ලැබීය.
සහතිකපත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී විසින් සහතිකපත් ප්රදානය කිරීමෙන් අනතුරුව සමාප්ති දේශනය පැවැත්වීය.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිල උපදේශකවරුන් ද සහභාගී වූහ.