21st October 2023 22:10:04 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 පාබල සේනාංකයේ රාජකාරි කරනු ලබන නිළධාරීන්ගේ සහ සෙසු නිලයින්ගේ සුභසාධන කටයුතු වැඩිදියුණු කිරීමේ අරමුණින් එම සේනාංකයේ ප්‍රතිසංස්කරණය කරන ලද නිවාඩු නිකේතනය සහ බලළත් නිලධාරීන් හා සැරයන් නිවස්න ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය පසුගිය සඳුදා (ඔක්තෝබර් මස 16) දින පැවැත්විණි.
උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.ඩබ්ලිව්.ඒ සෙනවිරත්න යූඑස්පී පීඑස්සී සහභාගී විය.
54 පාබල සේනාංකය යටතේ රාජකාරි කරනු ලබන භඨපිරිස්හි තාක්ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය මත ගොඩනැගිලි ද්විත්වය ප්‍රතිසංස්කරණය කරන ලදී.
උත්සව අවස්ථාව සඳහා 54 පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.