Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th October 2023 21:30:01 Hours

සුභසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ සුභසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී පසුගිය සඳුදා (ඔක්තෝබර් මස 16) දින සිය ධූරයේ රාජකාරි භාරගත්තේය.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරනු ලැබීය. මීට ප්‍රථම ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ආර්.පී.ඒ.ආර්.පී. රාජපක්‍ෂ ආර්එස්පී විසින් මෙම ධූරය හොබවන ලදී.