Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th October 2023 08:50:58 Hours

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්.එස් බියන්විල වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී (ඉන්දියා) පීඑස්සී අඟහරුවාදා (ඔක්තෝබර් මස17) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

සුහද හමුවේදී යුද්ධ හමුදාපතිතුමන් විසින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල්තුමන් වෙත සිය සුබ පැතුම් පිරිනැමීය. එහිදී සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ වත්මන් තත්ත්වය සහ දැනට සිදුකරනු ලබන කාර්ය භාරයන් පිළිබඳව නව අධ්‍යක්‍ෂ ජෙනරාල්තුමන් විසින් යුද්ධ හමුදාපතිතුමන් දැනුවත් කරනු ලැබීය.

සුහද හමුව සමාප්තියේදී සුහදතාවය සංකේතවත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල්තුමන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.