Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th October 2023 22:42:16 Hours

ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් විකාස් සූද් (Captain Vikas Sood) සඳුදා (ඔක්තෝබර් මස 16) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය. කපිතාන් විකාස් සූද් වර්ෂ 2020 සිට 2023 වසර දක්වා එම ධූරයේ රාජකාරි කටයුතු හොඹවනු ලැබීය.

පැවති සුහද හමුවේදී, ද්විපාර්ශවීය කරුණු සහ හමුදා සංවිධාන දෙක අතර දිනෙන් දින වර්ධනය වන සබඳතා පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ.

සුහද හමුවේදී, ධූරයෙන් නික්ම යන කපිතාන් විකාස් සූද් ශ්‍රී ලංකාව තුළ සේවයේ නියුතු කළසීමාව තුළදී ලබාදුන් සහයෝගය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය කෘතඥතාව පුදකළ අතර, මෙරට යුද්ධ හමුදාවේ ඉදිරි කටයුතු සඳහාද සිය සුබ පැතුම් එක් කළේය.

මෙම සුහද හමුව අවසානයේදී යුද්ධ හමුදාධිපතිතුමන් ඉන්දීය ආරක්‍ෂක උපදේශකතුමන්ගේ ධූර කාලය තුළ ලබාදුන් සහයෝගය අගය කරමින්, සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.