15th October 2023 22:20:25 Hours
58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන්. ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ඔක්තෝබර් මස 03 සහ 04 දෙදින තුළ ඇලකන්දවත්ත ප්‍රදේශයේ පිහිටි 582 පාබල බලසේනා මූලස්ථානය සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි සිය ප්‍රථම නිල සංචාරයේ නිරත වෙමින් භටපිරිස්හි සුවදුක් විමසා බැලුවේය.
එම බලසේනා මූලස්ථානය වෙත සපැමිණි 58 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් එම බලසේනාවේ කාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූප කිහිපයකට එක් වූ මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන්. ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.
582 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් එම බලසේනාව සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන් විසින් ඉටුකරනු ලබන කාර්යභාරයන් සහ වගකීම් පිළිබඳ සේනාංකාධිපතිතුමන් දැනුවත් කිරීමෙන් අනතුරුව මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන්. ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එම බලසේනා මූලස්ථානයේ භටපිරිස් ආමන්ත්‍රණය කළේය. පසුදින, එතුමන් 1 ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 9 ගැමුණු හේවා බලඇණියේ සංචාරය කළේය.
මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන්. ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පසුගිය සිකුරාදා (ඔක්තෝබර් මස 06) දින කටුකෙලියාව ප්‍රදේශයේ ස්ථාපිත පාබල හමුදා පුහුණු පාසලේ පුහුණු පහසුකම් පරික්‍ෂා කිරීමේ අරමුණින් එම පුහුණු පාසලේ සංචාරයක නිරතවිය.
පුහුණු පාසල් පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන්. ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුර මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව පාබල හමුදා පුහුණු පාසලේ ප්‍රධාන උපදේශකතුමන් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, ප්‍රධාන උපදේශකතුමන් විසින් එම පුහුණු පාසලේ කාර්යභාරය පිළිබඳ 58 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් දැනුවත් කිරීමෙන් අනතුරුව එතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කළේය.
මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන්. ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එම පුහුණු පාසල් පරිශ්‍රයේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද සහභාගී විය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.