Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th October 2023 19:41:27 Hours

11 පාබල සේනාංකයේ සේනාංකාධිපති සිය බලප්‍රදේශයේ ක්‍ෂේත්‍ර සංචාරයක

11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම්. රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ඔක්තෝබර් මස 4 සහ 5 දෙදින තුළ ලක්‍ෂපාන ප්‍රදේශයේ ස්ථාපිත 19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සංචාරයක නිරත වෙමින් එම කඳවුරු පරිශ්‍රයෙහි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසා බැලීය.

19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරිතුමන් විසින් 11 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම ඒකකයේ කාර්යභාරය පිළිබඳ සේනාංකාධිපතිතුමන් දැනුවත් කරනු ලැබීය. පසුව භටපිරිස් ඇමතු එතුමන් කඳවුරු පරිශ්‍රය සහ භටපිරිස්වල නවාතැන් පහසුකම් ද නිරීක්‍ෂණය කළේය.

මෙම සංචාරයේදී, 11 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් ශ්‍රී පාදස්ථාන විහාරස්ථානය සහ ශ්‍රී සමන් දේවාලය වෙත ගොස් ආශිර්වාද ලබාගැනීමෙන් පසුව ලක්‍ෂපාන විදුලි බලාගාරය නැරඹීමට ගියේය. මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.