06th October 2023 22:00:21 Hours
බදාදා පුහුණු දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස් අනුව එම බලසේනාවේ යුද්ධ හමුදා සාමාජිකයන් සඳහා ‘එරික් එරික්සන් සිද්ධාන්තය සමඟ ජීවිතය’ යන තේමාව යටතේ දේශනයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකාසේනා බහුකාර්ය ශාලාවේදී පසුගිය බදාදා (සැප්තැම්බර් මස 27) දින පැවැත්විණි.
මනෝ විද්‍යාඥ භාග්‍යා අබේසිංහ මහත්මිය විසින් මෙහිදී ළදරු වියේ සිට වැඩිහිටි අවධිය දක්වා වූ කාලසීමාවේ සමාජීය වර්ධනයේ අදියරන් 08 පෙන්වා දෙමින් මෙම දේශනය පවත්වන ලදී.
භාග්‍යා අබේසිංහ මහත්මිය මෙම දේශනය මගින් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පෞරුෂ වර්ධනයත් ජීවිතයේ අභියෝග ජයගැනීමත් යන කාරණා පිළිබඳව දැනුවත් කරනු ලැබීය.
එතුමිය ඇමරිකානු මනෝවිද්‍යා සංගමයේ සාමාජිකාවක් වන අතර, මනෝවිද්‍යාව සහ උපදේශනය පිළිබඳ පශ්චාත් උපාධි ධාරිනියකි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර් සිල්වා කේඑස්පී ගේ උපදෙස් මත පැවැත්වූ මෙම සැසිය සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගී වූහ.