Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th October 2023 09:07:38 Hours

19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේදී යුද්ධ හමුදා මලල ක්‍රීඩිකාව හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය

චීනයේ Hangzhou හි පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේදී වසර 17කට පසු නව ශ්‍රී ලංකා වාර්තාවක් තබමින් 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සැරයන් නදීෂා ලේකම්ගේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ මීටර් 61.57ක දුරක් වාර්තා කරමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.

ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ සාමාජික රටවල් 45 ක් නියෝජනය කරමින් 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12,000කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් චීනයේ හැංෂෝ ‘Hangzhou’ නගරයේ පැවැත්වේ.

එම ජයග්‍රහණය වෙනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් සැරයන් නදීෂා ලේකම්ගේ වෙත සුබපැතුම් පිරිනමන ලදී.