01st October 2023 19:16:56 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 23 ගැමුණු හේවා බලකායේ භටපිරිස් මූලිකත්වයෙන් පසුගිය බදාදා (සැප්තැම්බර් මස 27) දින මුහමලෛයි, ඉලනාත්රේන්දාල පෙර පාසලේ අධ්‍යාපනය ලබන එම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල දරු දැරියන් 14 දෙනෙකු වෙත පෝෂ්‍යදායි දිවා භෝජන සංග්‍රහයක් පිරිනමනු ලැබීය.
52 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ සහ 522 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් මත 23 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී ගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.