Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st October 2023 18:48:38 Hours

55 පාබල සේනාංකයේ පුහුණු දිනය වෙනුවෙන් ‘පතල් සහ ඛණිජ ද්‍රව්‍ය පනත’ පිළිබඳ දේශනයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 පාබල සේනාංකයේ පුහුණු දිනය වෙනුවෙන් එම සේනාංකයේ භටපිරිස් දැනුවත් කිරීමේ අරමුණින් ‘පතල් සහ ඛණිජ ද්‍රව්‍ය පනත’ පිළිබඳව හරවත් දේශනයක් පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් මස 26) දින 55 පාබල සේනාංක ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

දේශනය භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ සහකාර අධ්‍යක්‍ෂ ඊ.එච් රංජිත් ප්‍රියන්ත සහ එම කාර්යාංශයේ බලාත්මක කිරීමේ නිලධාරී කේ.ජී.ආර්.එස් ගම්ලත් යන මහත්වරුන් විසින් පවත්වන ලදී. එහිදී, 2009 අංක 66 දරන පතල් හා ඛණිජ ද්‍රව්‍ය (සංශෝධන) පනත, පතල් හා ඛනිජ ද්‍රව්‍ය ප්‍රවාහනය හා කැණීම් සම්බන්ධ බලපත්‍ර පරීක්‍ෂා කිරීම සහ එහි නීතිමය පසුබිම ආදිය පිළිබඳව භටපිරිස් දැනුවත් කරන ලදී.

55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් මත 4 සන්නද්ධ බුද්ධි බලකාය විසින් සංවිධානය කරන ලද මෙම දේශනය සඳහා නිලධාරීන් සහ සෙසුනිලයින් 136 දෙනෙකු සහභාගී වූහ.