29th September 2023 16:11:32 Hours
යුද්ධ හමුදා ක්‍රියාපටිපාටීන්ට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයෙහි අරමුණු ඵලදායී ලෙස සාක්ෂාත් කරගැනීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග සහ රෙගුලාසි පිළිබඳව තීරණය කිරීම සඳහා එම විද්‍යා පීඨයෙහි ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබූ දෙවන කළමනාකරණ මණ්ඩල සාකච්ඡාව පසුගිය සිකුරාදා (සැප්තැම්බර් මස 22) දින පවත්වනු ලැබීය
කළමනාකරණ මණ්ඩල සාකච්ඡාව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස් වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, ඒ සඳහා යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයෙහි සේනාවිධායක, අධ්‍යක්ෂ පුහුණු, අධ්‍යක්‍ෂ අයවැය හා මුදල් පරිපාලන, අධ්‍යක්‍ෂ පිරිස් පරිපාලන, අධ්‍යක්‍ෂ පර්යේෂණ සංකල්පය සහ මූලධර්ම සහ යුද්ධ හමුදා විද්‍යා පීඨයෙහි අණදෙන නිලධාරීගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි වෙත ප්‍රධාන දොරටුව අභියසදී යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල ආරක්‍ෂක මුරයේ ගෞරවාචාරය පිරිනමන ලද අතර, අනතුරුව එතුමන් රණවිරු ස්මාරකය අභියසදී රට වෙනුවෙන් රණවිරුවන් සිහිකරමින් පුෂ්පෝපහාර ද පුද කරන ලදී.
කළමනාකරණ මණ්ඩල සාකච්ඡාව ආරම්භවීමෙන් පසුව පොදු, පරිපාලන සහ භඨකාර්ය සම්පාදන යන අංශ පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කරමින් එම අංශයන්හි පවතින ගැටලු සහ ඊට අදාල විසදුම් පිළිබඳව සාකච්ඡා කරනු ලැබූහ. අනතුරුව එම සාකච්ඡාව සඳහා සහභාගී වූ සියලුම සාමාජිකයින් සමූහ ඡායාරූපයක් සඳහාද පෙනීසිටිය.
ඔවුන් අනතුරුව එම විද්‍යා පීඨයේ මෑත කාලීන සිදුකරන ලද සංවර්ධන කටයුතු පිළිබඳව දැනුවත් වීමේ අරමුණින් යුද්ධ හමුදා විද්‍යා පීඨ පරිශ්‍රයෙහි නිරීක්‍ෂණ චාරිකාවකද නිරත වූහ.
සාකච්ඡාව අවසානයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ සේනාවිධායකතුමන් සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි අතර, සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවූ අතර, කඳවුරු පරිශ්‍රයෙන් පිටත්ව යාමට පෙර මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස් වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සමරු සටහන් පොතේ සමරු සටහනක්ද තැබීය.