Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th September 2023 08:30:22 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් අනුරාධපුර ‘අභිමංසල - 1’ හි සංචාරයක

අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී 74 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව පැවති ආශිර්වාද පූජාවෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, 2009 මැයි මාසයට පෙර ත්‍රස්තවාදීන්ගෙන් මවුබිම ආරක්‍ෂා කරගැනීම සඳහා යුද බිමේ එඩිතරව ඉදිරියට යමින් නිර්භීතව සටන්කර රණක්‍ෂිතයට පත්ව නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් 40 දෙනෙකුගේ සුවදුක් විමසීම සඳහා අනුරාධපුර ‘අභිමංසල - 1’ හි සංචාරයක නිරත විය.

මෙම සංචාරයේදී යුද්ධ හමුදාධිපතිතුමන්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සුවදුක් විමසමින් සෑම රණවිරුවෙකු වෙතම අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අඩංගු ත්‍යාග පාර්සල් පිරිනමන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් එහිදී එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් සමඟ දිවා භෝජන සංග්‍රහයකට ද එක්විය.

සංචාරය සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස් වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එස්ඩීයූ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්, පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ, අභිමංසල - 1 සුවතා නිකේතනයේ සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් එක් වූහ.

අභිමංසල - 1 සුවතා නිකේතනයෙන් නික්ම යාමට පෙර යුද්ධ හමුදාධිපතිතුමන් අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතේ සමරු සටහනක් ද තැබීය.