Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th September 2023 11:10:21 Hours

උසස්වීම් ලැබූ මේජර් ජෙනරල්වරුන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් නිළ ලාංඡන පළඳවයි

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබු යුද්ධ හමුදාවේ බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු වෙත ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී සඳුදා (සැප්තැම්බර් මස 25) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ සුරතින් නිල ලාංඡන පැළඳවිය.

රටේ ආරක්‍ෂාව වෙනුවෙන් අනාගතයේදී ආදර්ශමත් සේවයක නිරතවීමට වඩාත් කැපවීමෙන් කටයුතු කරන බවට සහතික වෙමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.අයි. මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහ මේ වනවිට ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ පාඨමාලාවක නිරතව සිටින මේජර් ජෙනරල් කේ.ඒ.එන්. රසික කුමාර පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙපළ වෙත නිල ලාංඡන පළදවන ලදී.

උසස්වීම් ලැබූ නිලධාරින් සමඟ යුද්ධ හමුදාධිපතිතුමන් සුහද පිළිසඳරක නිරතවීමෙන් අනතුරුව එතුමන් නව මේජර් ජෙනරල්වරුන් දෙපළ වෙත අසිපත් පිරිනැමුවේය.

එහිදී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුබපැතුම්වලට ස්තූතිය පළකළ නව මේජර් ජෙනරල්වරුන් දෙපළ සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනීසිටියහ.