Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th September 2023 07:17:55 Hours

තරුණ නිලධාරින්ගේ පාඨමාලා අංක - 68 සාර්ථකව අවසන්

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී ශිෂ්‍ය නිලධාරින් 90 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති තරුණ නිලධාරින්ගේ පාඨමාලා අංක - 68 පසුගිය බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් මස 21) දින සාර්ථකව අවසන් විය.

පසුගිය දා අධිකාරියට පත් නිලධාරීන් සඳහා මූලික පාබල අවි පිළිබඳ ඉගැන්වෙන විෂය මාලාවක් ආවරණය කරමින් පැවති මෙම පාඨමාලාව 2023 අගෝස්තු මස 07 දින සිට 2023 සැප්තැම්බර් මස 21 දින දක්වා පැවැත්විණි.

සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එස්.කේ. ලියනවඩුගේ ආර්එස්පී සහභාගී වූ අතර එතුමන්ගේ සුරතින් පාඨමාලාවට සහභාගී වූවන් වෙත සහතිකපත් ප්‍රදානය කිරීමෙන් අනතුරුව සමාප්ති දේශනය පවත්වනු ලැබීය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ උපදේශකවරුන් ද සහභාගි වූහ.