22nd September 2023 20:05:03 Hours
‘Best wishes Foundation-Malaysia’ සංවිධානයේ උපදේශක සහ සම්බන්ධීකාරක පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම හිමිපාණන්ගේ අනුග්‍රාහකත්වය මත ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි වෙතින් අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කයන්හි ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල සිසු සිසුවියන් 500 වෙත පාසල් උපකරණ සහ ගර්භනී කාන්තාවන් සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු රුපියල් මිලියන 2.7 ක වටිනාකමකින් යුත් පරිත්‍යාග වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් මස 21) දින වවුනියාව සංස්කෘතික ශාලාවේදී ක්‍රියාත්මක කරනු ලැබීය.
‘Best wishes Foundation-Malaysia’ සංවිධානයේ දානපතියන් සහ එම සංවිධානයේ උපදේශකයින් එක්ව ප්‍රතිලාභින් හට වවුනියාව සංස්කෘතික ශාලාව වෙත ආරාධනා කිරීමෙන් අනතුරුව මෙම පරිත්‍යාගයන් සිදුකරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයු, 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ජී.පී.එම්. කාරියවසම් ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී, බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, 561 පාබල බලසේනාවේ බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.