21st September 2023 21:57:00 Hours
මුහමාලේ මරියමාතා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට පෙර එම දේවස්ථානය පිරිසිදු කිරීම සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් සංවිධානය කරනු ලැබු ශ්‍රමදාන වැඩසටහනක් සඳහා 23 ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් පසුගිය සිකුරාදා (සැප්තැම්බර් මස 15) දින සිය සහයෝගය දැක්වූහ.
52 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 522 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ මඟපෙන්වීම යටතේ නිලධාරීයෙක්, සෙසුනිලයන් 12 දෙනෙකු සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් කිහිපදෙනෙකු මෙම ශ්‍රමදානය සඳහා සිය දායකත්වය ලබාදුන්හ.