21st September 2023 22:12:45 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත පොම්පේමඩු බළඇණි පුහුණු පාසලේදී පැවති විශේෂ අතිරේක ප්‍රහාරක ඛණ්ඩ පුහුණු පාඨමාලා අංක - 06 පසුගිය බදාදා (20) දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21, 54, 56, පාබල සේනාංක නියෝජනය කරමින් නිලධාරින් 05 දෙනෙකු සහ සෙසුනිලයන් 175 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඛණ්ඩ 10 ක් මෙම පාඨමාලාව සඳහා සහභාගී වූහ.
පාඨමාලාවේ විෂය නිර්දේශය සඳහා ජී.පී.එස්. අභ්‍යාස, නිරායුද සටන් ක්‍රම (UC), ප්‍රභූ ආරක්‍ෂාව (VIP/VVIP), ජීව වෙඩි තැබීමේ අභ්‍යාස, සෙවීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම්, සම්බන්ධ වීමේ නීති (ROE), විශේෂ ක්‍රියාන්විත ක්‍රියාමාර්ග සහ අභ්‍යන්තර ආරක්‍ෂක රාජකාරි (IS) පිළිබඳ දේශන සහ ප්‍රායෝගික සැසි ඇතුළත් විය.
පාඨමාලාවේ සමාප්ති දේශනය මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ විසින් පවත්වනු ලැබූ අතර, එම අවස්ථාවට 56 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ද සහභාගී විය.
උත්සව අවස්ථාවට ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, 56 පාබල සේනාංකයේ කර්නල් පාලන හා භඨකාර්ය සම්පාදන, පාඨමාලා සඳහා සහභාගී වූ ඒකකයන්හි අණදෙන නිලධාරීන්, පාඨමාලාවේ ප්‍රධාන උපදේශක සහ පොම්පේමඩු බළඇණි පුහුණු පාසලේ සියලුම කාර්ය මණ්ඩලය ද සහභාගි වූහ.
පාඨමාලාවේ හොඳම ඛණ්ඩය වශයෙන්, ආදර්ශමත් අයුරුන් සාමූහිකව ක්‍රියාකාරකම් සිදුකිරීම සහ මනා විනයක් දැක්වූ 3 සන්නාහ සන්නද්ධ බලකාය සම්මාන හිමිකරගත් අතර, විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලුතිනන් කේ.බී.ඊ.එච්.ආර්. කැප්පෙටියාගොඩ දැක්වූ සුවිශේෂී වූ නායකත්ව කුසලතාවය වෙනුවෙන් හොඳම ඛණ්ඩ භාර නිලධාරි ලෙස සම්මාන ලැබීය.
17 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් එස්.පී.එන්.ජේ. පියරත්න හොඳම පෙළ අණදෙන්නා වශයෙන් සම්මාන දිනාගත් අතර, 12 (ස්වෙච්ඡා) විජයභාහු පාබල රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් එච්.එම්.එස්.ඒ හේරත් සෑම අතින්ම අති ශූර සෙබලා වශයෙන් සම්මාන දිනාගත්තේය. 17 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් සුබසිංහ දක්‍ෂතම වෙඩික්කරුවා වශයෙන් සම්මාන දිනාගත් අතර 2 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයන් ජී.ඩබ්ලිව්.එස්.ඒ. බණ්ඩාර තම වෙඩිතැබීමේ හැකියාව මනා ලෙස විදහා දක්වමින් හොඳම ශාරීරික යෝග්‍යතාවයෙන් හෙබි සෙබලා ලෙස සම්මාන දිනාගත්හ.