Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th September 2023 16:29:25 Hours

1 බලකා මූලස්ථානයේ සාමාජිකයන්ගේ ධෛර්යය සහ අභිප්‍රේරණය ප්‍රවර්ධනය කිරීමේ වැඩමුළුවක්

හමුදා සාමාජිකයන්ගේ ධෛර්යය සහ අභිප්‍රේරණය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ‘තෘප්තිමත් සහ නිර්භීත හමුදාව’ මැයෙන් වැඩමුළුවක් 2023 සැප්තැම්බර් මස 15 වන සිකුරාදා දින කිලිනොච්චිය ප්‍රදේශයේ ස්ථාපිත 1 බලකා මූලස්ථානයේ පිහිටි ‘නෙළුම් පියස’ බහුකාර්ය ශාලාවේදී පැවැත්විණි.

1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් සහ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කේ.එම්.පී.එස්.බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II මේජර් එච්.එම්.සී.එම්. බණ්ඩාර ගේ අධීක්‍ෂණය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

1 බලකායේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අංශය වෙතින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා සාමාජිකයන් 519 දෙනෙකු සහභාගී වූ අතර දිවයින පුරා පිහිටි යුද්ධ හමුදා කඳවුරු 234 ක සාමාජිකයින් ද මාර්ගගත තාක්‍ෂණය ඔස්සේ මෙම වැඩසටහනට සම්බන්ධ වූහ.