Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th September 2023 20:54:14 Hours

පොපි මල් දිනය සංකේතවත් කරමින් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පොපි මලක් පළඳවයි

එළඹෙන පොපි මල් දිනයට සමගාමීව මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ සාමාජිකයින් විසින් අද (19) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ වෙත පොපි මලක් පැළඳවීය.

පොපි මල් දිනය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ජී.එම්.යූ.ආර්. පෙරේරා යූඑස්පී (විශ්‍රාමික) විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පොපි මලක් පළඳවන ලදී.

මෙම සුහද හමුව අතරතුර, යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින් සමඟින් සුහදව අදහස් හුවමාරු කරගත් අතර, එම සංගමය වෙතින් දැනට ක්‍රියාත්මක කරනු ලබන සුබසාධන ව්‍යාපෘති පිළිබඳව ද විමසා බැලුවේය. මෙම සුහද හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වෙත සමරු තිළිණ ප්‍රදානය කරමින් එම සංගමය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් ඇගයීමට ලක්කළ අතර එම සංගමයේ ඉදිරි වැඩකටයුතු සඳහා සුබපැතුම් එක් කළේය.

මෙම අවස්ථාව සඳහා පොපි කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් ඒ.එච්. ලියනගේ (විශ්‍රාමික), පොපි කමිටුවේ ලේකම් ලුතිනන් කර්නල් ඒ.කේ. සියඹලාපිටිය පීඑස්සී එල්එස්සී (විශ්‍රාමික), එම කමිටුවේ මේජර් පී.කේ.සී.එස්. කංකානම්ගේ යූඑස්පී (විශ්‍රාමික) ඇතුළු තවත් සාමාජිකයන් කිහිපදෙනෙකු සහභාගී වූහ.

පළමුවන ලෝක සංග්‍රාමය අවසන් වීමෙන් අනතුරුව සියලුම පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල් සේවයේ යෙදී සිටියදී දිවිපිදූ හමුදා සාමාජිකයන්ගේ කැපවීම ඇගයීමට ලක්කරමින් සෑම වසරකම නොවැම්බර් මාසයේ දෙවන ඉරිදා දිනට යෙදෙන පොපි දිනය සමරනු ලබයි.