Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th September 2023 20:21:55 Hours

ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ පැවැති මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති උසස් පාඨමාලා අංක - 26 සාර්ථකව අවසන්

කුකුළේගඟ, ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනය මගින් 2023 අගෝස්තු මස සිට සැප්තැම්බර් මස දක්වා පවත්වනු ලැබූ මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති උසස් පාඨමාලාව - අංක 26 පසුගිය අඟහරුවාදා දින (සැප්තැම්බර් 12) පැවති උත්සවයේදී සාර්ථකව අවසන් කරන ලදී.

මානව හිමිකම් සහ මානුෂීය නීති අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ කර්නල් එන්.එස් නල්ලෙපෙරුම යූඑස්පී ගේ උපදෙස් මත පවත්වනු ලැබූ මෙම පාඨමාලාව සඳහා යුද්ධ හමුදා නිලධාරීන් 17 දෙනෙකු, නාවික හමුදා නිලධාරීන් 03 දෙනෙකු සහ ගුවන් හමුදා හමුදා නිලධාරීන් 02 දෙනෙකු සහභාගී වූහ.

පාඨමාලාව පැවැත්වීමේ මූලික අරමුණ වූයේ මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය, සහ නීතිමය පැතිකඩ පිළිබඳව ත්‍රිවිධ හමුදාවේ කනිෂ්ඨ නිලධාරීන් දැනුවත් කිරීම සහ එම නීතීන් උල්ලංඝනය කිරීම වැළැක්වීම සඳහා විකල්ප ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය දැනුම ලබා දීමයි.

පාඨමාලාවේ පළමු ස්ථානය නාවික හමුදාවේ කමාන්ඩර් කේ.ඊ. බුද්ධික හිමිකරගත් අතර, දෙවන ස්ථානය සහ තෙවන ස්ථානයන් පිළිවෙලින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කපිතන් ඩබ්ලිව්.ජී.ඩී. තත්සර සහ නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් එච්.එච්.ආර්. ප්‍රභාත් හිමිකර ගත්හ.