14th September 2023 20:11:25 Hours
යුද්ධ හමුදා සාමාජිකයන්ගේ භාර්යාවන් විසින් නිෂ්පාදනය කරනු ලබන හස්ත කර්මාන්ත නිෂ්පාදන අලෙවිකරණය, අපනයන අවස්ථා සවිබලගැන්වීම සහ එම නිෂ්පාදන වැඩිදියුණු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිතුමියගේ ආරාධනයකට අනුව අපනයන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේපාලිකා ජයවර්ධන මහත්මිය හා කේතකී පැල්පොල මහත්මිය කාර්මික තාක්ෂණ ආයතනයේ ඉල්මි හේවාජූලිගේ මහත්මිය, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ තනුජ චන්ද්‍රසේකර මහතා, Gospel House ආයතනයේ ශිරාන් කරුණාරත්න මහතා, ෆෝකස් ව්‍යාපාරික පාසලේ රෙක්ස් කහදවල මහතා, වෙස්ලි ජෝන් මහතා, ඩබ්.ඒ.එස්.කේ. විජේසිංහ මහතා සහ මහිලා සමිතියේ සභාපතිනි තිලකා පෙරේරා මහත්මිය ඇතුළු ගෞරවනීය ආයතනවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් සම්මන්ත්‍රණයක් පැවැත්විණී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් මස 09) දින පැවති සම්මන්ත්‍රණය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ශාඛාවේ නියෝජ්‍ය මහජන සම්බන්ධතා නිලධාරිනී ශාන්ති අබේසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණී.
මෙම සම්මන්ත්‍රණය අතරතුර, සියළුම ඒකකයන්හි සාමාජිකයන් නියෝජනය කරමින් සහභාගී වූ භාර්යාවන් අමතර ආදායමක් උපයාගත හැකි පරිදි ස්වයං නිෂ්පාදන සහ නිවසේ නිෂ්පාදිත හස්ත කර්මාන්ත සඳහා පවතින අපනයන අවස්ථා පිළිබඳව දැනුවත් කරන ලදී.