Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th September 2023 20:02:57 Hours

24 පාබල සේනාංකයේ නවතමයෙන් ඉදිකරනු ලැබු බළලත් නිලධාරි සහ සැරයන් නිවස්නය විවෘත කෙරේ

24 පාබල සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද බළලත් සහ සැරයන් නිවස්නය 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සිකුරාදා දින (සැප්තැම්බර් 8) පැවැති උත්සවයකදී විවෘත කරනු ලැබීය.

24 පාබල සේනාංකයේ සැරයන් මේජර් ඇතුළු ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් විසින් එම සේනාංකයේ ඉදිකරනු ලැබු නව ගොඩනැගිල්ල ඉදිරියේදී 24 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. එහිදි එතුමන් විසින් නව ගොඩනැගිල්ල සමරු ඵලකය නිරාවරනය කර පීත්ත පටිය කපා විවෘත කරනු ලැබීය. පසුව එතුමන් නවීන පහසුකම්වලින් සමන්විත නව ගොඩනැගිල්ල නිරීක්‍ෂණය කරනු ලැබීය.

මෙම නව පහසුකම්වලින් සමන්විත ගොඩනැගිල්ල හිටපු සේනාංකාධිපතිවරුන්ගේ සහ වත්මන් සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ සාමූහික ප්‍රයත්නය මත එම සේනාංකයේ භට පිරිස්වලට ඉදිකිරීමට හැකි වූහ.

උත්සවයේ අවසන් අංගය ලෙස නවතමයෙන් ඉදිකරනු ලැබු ගොඩනැගිල්ල අභියස පැලයක් සිටවූ එතුමන් සමූහ ඡායාරූපයකට එක්ව අනතුරුව තේපැන් සංග්‍රහයක් සඳහා ද සහභාගී විය.

නවීන භෝජනාගාර ශාලාවකින් සමන්විත බළලත් නිලධාරි හා සැරයන් නිවස්නය සෙබළුන්ගේ සහ කාන්තා සෙබලියන්ගේ සුහඳතාවය වර්ධනය කරගැනීමට උපකාරි වේ.