Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th September 2023 19:51:29 Hours

24 පාබල සේනාංක මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් වෙනුවෙන් සංගීතමය වැඩසටහනක්

24 පාබල සේනාංක මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් සඳහා චිත්ත ධෛර්යය සහ මානසික සතුට වැඩිදියුණු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා තූර්ය වාදක කණ්ඩායම සහ 18 විජයබාහු පාබල රෙජිමේන්තු තූර්ය වාදක කණ්ඩායම විසින් විශේෂ ‘Rest and Recreation’ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබූ අතර ඒ සඳහා 241, 242, 243 පාබල බලසේනාවන් යටතේ අක්කරෙයිපත්තුව, ආරුගම්බේ, මඩකලපුව සහ අම්පාර මල්වත්ත ප්‍රද්ශයේ සේවයේ නියුතු භටපිරිස් සහභාගී වූහ.

24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ යෝජනාවකට අනුව සැප්තැම්බර් මස 4 සිට 6 දින දක්වා එම සේනාංක මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස්හි මානසික සතුට සහ සංගීත කුසලතාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා සාමාජිකයන් 1000 කට අධික පිරිසක් සහභාගී වූ අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා තූර්ය වාදක කණ්ඩායම සහ 18 විජයබාහු පාබල රෙජිමේන්තු තූර්ය වාදක කණ්ඩායම වෙතින් ඔවුන්ව ප්‍රබෝධමත් කරමින් වැඩසටහන පැවැත්වීය. තවද එම ප්‍රදේශවල සේවයේ නියුතු යුද්ධ හමුදා පවුල්වල සාමාජිකයන් ද මෙම අවස්ථාවන් සඳහා සහභාගී වූහ.