Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th September 2023 20:31:31 Hours

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ නිලධාරීන් සඳහා කාර්මිකකරණය පිළිබඳ දැනුවත් කිරිමේ දේශණයක්

ශ්‍රී ලංකාවේ කාර්මික ස්වයංක්‍රීයකරණය, ද්‍රව්‍ය හැසිරවීම සහ සම්පීඩිත වායු විසඳුම් සපයන ප්‍රමුඛතම සැපයුම්කරුවෙකු වන ‘Matrix (Pvt) Ltd’ ආයතනය විසින් ඉකුත් බදාදා (සැප්තැම්බර් මස 6) දින කොළඹ රේණුකා හෝටල් පරිශ්‍රයේදී ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ නිලධාරීන් 15 දෙනෙකු සඳහා එම ආයතනයේ නිෂ්පාදනයන් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

‘Matrix (Pvt) Ltd’ හි පළපුරුදු ඉංජිනේරුවන් කණ්ඩායමක් විසින් මෙම වැඩමුළුව මෙහෙයවනු ලැබු අතර, ඉංජිනේරුවන් විසින් සම්පීඩිත වායු විසඳුම්, ද්‍රව්‍ය හැසිරවීමේ උපකරණ, වෙල්ඩින් උපකරණ, ස්වයංක්‍රීයකරණ විසඳුම්, විදුලි උපකරණ, ආරක්‍ෂක නිෂ්පාදන, කාර්මික පරිභෝජන ද්‍රව්‍ය ඇතුළු සමාගමේ නවතම නිෂ්පාදන සහ සේවාවන් පිළිබඳ නිලධාරීන් දැනුවත් කරන ලදී.

මෙම වැඩමුළුවේදී ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු‍වේ නිලධාරීන් සඳහා ලෝකයේ භාවිතා වන නවතම තාක්‍ෂණයන් සහ ප්‍රවණතා පිළිබඳව දැනුම ලබාගන්නා ලදී. එම අවස්ථාව සඳහා සහභාගි වූ නිලධාරීන්ට එහිදි මතුවන ප්‍රශ්ණවලට විසදුම් ලබාගැනීමටද එහිදි අවස්ථාව උදාවිය.

මෙම වැඩමුළුව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මේජර් ජෙනරල් ජේ.ඒ.ආර්.එස්.කේ ජයසේකර යූඑස්පී පීඑස්සී ඇතුළු විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ බලඇණි නියෝජනය කරමින් නිලධාරීන් 14 දෙනෙකු සහභාගී වූහ.

මෙම වැඩමුළුව මෙහෙයවීම සඳහා ‘Matrix (Pvt) Ltd’ නියෝජ්‍ය සභාපති රංජිත් සල්පිටිකෝරල මහතා, කළමණාකාර අධ්‍යක්‍ෂ සමන් තෙන්නකෝන් මහතා සහ සාමාන්‍යාධිකාරී රජිත් රණසිංහ මහතා දායකත්වය ලබාදුන්හ.