Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th September 2023 19:49:36 Hours

ඉඩම් දේපළ හා භඨනිවාස අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි ඉඩම් දේපළ හා භඨනිවාස අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බ්‍රිගේඩියර් එම්.පී.කේ. මදුරප්පෙරුම ආර්එස්පී යූඑස්පී පීඑස්සී පසුගිය සිකුරාදා (සැප්තැම්බර් මස 8) දින දූරයේ රාජකාරි භාරගත්තේය.

බ්‍රිගේඩියර් එම්.පී.කේ. මදුරප්පෙරුම ආර්එස්පී යූඑස්පී පීඑස්සී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් දූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළ අතර එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරින් සහ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.

බ්‍රිගේඩියර් එම්.පී.කේ. මදුරප්පෙරුම ආර්එස්පී යූඑස්පී පීඑස්සී මීට ප්‍රථම ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක දූරය හෙබවූවේය. මීට ප්‍රථම මෙම දූරය හෙබවූ බ්‍රිගේඩියර් එස්.පී.ජී. ගමගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක දූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.