Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th September 2023 08:10:44 Hours

‘ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අන්තර් බලඇණි කරාටේ ශූරතාවලිය - 2023’ ශූරතාවය 1 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට

‘ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අන්තර් බලඇණි කරාටේ ශූරතාවලිය - 2023’ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථාන ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී 2023 අගෝස්තු මස 14 සිට 16 දින දක්වා කාලය තුළ එම රෙජිමේන්තුව යටතේ ස්ථාපිත සියලුම ඒකක කරාටේ ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

තරඟාවලියේ අවසන් මහා තරඟය 1 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 14 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව අතර පැවැත්විණි. තියුණු තරඟයකින් අනතුරුව තරඟාවලියේ ශූරතාවය 1 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව දිනාගත්හ.

තරඟාවලියේ අවසන් මහා තරඟය නැරඹිම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කරාතේ කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් එම්.පී.එන්.ඒ. මුතුමාල යූඑස්පී පීඑස්සී සහභාගී විය. එමෙන්ම, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සී.එස්. තිබ්බොටුගේ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.