Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th September 2023 08:17:53 Hours

11 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් අක්කරායි වෙරළ තීරය පිරිසිදු කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයට අයත් 521 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 11 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පරිසරය සංරක්‍ෂණය කිරීමේ අරමුණින් අක්කරායි වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් මස 09) දින ක්‍රියාත්මක කරනු ලැබීය.

11 විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරින් සහ සෙසුනිලයන් සිවිල් වැසියන් සමඟ එක්ව එම වෙරළ තීරයේ සියලුම අපද්‍රව්‍ය සහ දූෂක ද්‍රව්‍ය එකතු කර වෙරළ තීරය පිරිසිදු කරනු ලැබීය.