Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th September 2023 22:00:21 Hours

ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර, 22 පාබල සේනාංකයේ සංචාරයක

ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ටී.සී. මෙත්තානන්ද යූඑස්පී එන්ඩීසී භඨකාර්ය සම්පාදන ඒකකයන්හි අණදෙන නිලධාරින් හමුවීමේ අරමුණින් පසුගිය බදාදා (සැප්තැම්බර් මස 06) දින ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථාපිත 22 පාබල සේනාංකයේ සංචාරයක නිරතවිය.

සංචාරයේ නිරත ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර, 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී එන්ඩීසී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, මෙම පිරිස ප්‍රදේශයේ භඨකාර්ය සම්පාදන කටයුතු සම්බන්ධයෙන් පැවති සම්මන්ත්‍රණයකට සහභාගී වූ අතර එහිදී, එම ඒකකයන්හි පරිපාලනමය කටයුතු පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.