Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th September 2023 15:57:59 Hours

58 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

58 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස විශේෂ බලකායේ මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන්. ඊරියගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පී පසුගිය සඳුදා (සැප්තැම්බර් මස 04) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගත්තේය.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන්. ඊරියගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. පසුව, එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකළහ.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන්. ඊරියගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව සේනාංකාධිපති ලෙස ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළේය. පසුව, එතුමන් හමුදා සම්ප්‍රදායානුකූලව භටපිරිස් ආමන්ත්‍රණය කළේය.

මෙම අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, 68 පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරින්, අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.