Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th September 2023 17:05:35 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපතිතුමන් පාබල හමුදාවේ ඒකක වෙත සිය ප්‍රථම නිල සංචාරය සිදු කරයි

ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති සහ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපතිවශයෙන් ධූරයේ රාජකාරි භාර ගැනීමෙන් අනතුරුව පසුගියදා ශ්‍රී ලංකා පාබල හමුදාවේ ඒකක වෙත සිය ප්‍රථම නිල සංචාරය සිදු කරන ලදී.

මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සැප්තැම්බර් මස 2 – 5 දිනයන් තුලදී දඹුල්ල, මොල්ලිපොතාන, මනම්පිටිය සහ පල්ලෙකැලේ ප්‍රදේශයන්හි ස්ථාපිත 4, 15, 19 සහ 5 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාව යන ඒකකයන්හී සංචාරය කරන ලදී. එහිදී, එම ඒකකයන්හි අණදෙන නිළධාරීන් විසින් එතුමන් උණුසුම් ලෙස පිළිගැනීමෙන් පසු එම ඒකකයන්හි වගකීම් සහ කාර්යභාර්ය පිළිබඳ සවිස්තරාත්මක විස්තර කිරීමක් සිදුකරනු ලැබීය.

ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපතිතුමන් එම ඒකක පරිශ්‍රයන්හි නිරීක්‍ෂණ සංචාරයන් සිදුකරමින් භටපිරිස් අමතා ඔවුන් සමඟින් සුහදව අදහස් හුවමාරු කරගත්හ.

නිල සංචාරය සඳහා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මාණ්ඩලික නිලධාරීන් ද සහභාගී වූහ.