Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th September 2023 11:40:58 Hours

ගිනස් වාර්තාවක් තැබීමේ අරමුණින් ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා පාගමනක

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බලප්‍රදේශයේ ස්ථාපිත 3 ශ්‍රී ලංකා සංඥා බලකායේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙක් ගිනස් වාර්තාවක් තැබීමේ අරමුණින් දින 12 ක් තුළ කිලෝමීටර 578 ක දුරකින් සමන්විත යාපනය, පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා පා ගමනක් ඉකුත් අඟහරුවාදා (සැප්තැම්බර් 5) දින ආරම්භ කරනු ලැබීය.

මාණ්ඩලික සැරයන් කේ.අයි.එස්. කීර්තිරත්න සිය පාගමන ආරම්භ කරමින් කිලිනොච්චිය, වවුනියාව, මැදවච්චිය, අනුරාධපුරය, කුරුණෑගල, කොළඹ, අලුත්ගම, ගාල්ල සහ මාතර ප්‍රදේශයන් පසුකරමින් එළඹෙන ඉරිදා (සැප්තැම්බර් 17) දින දෙවුන්ද තුඩුව වෙත පැමිණ පාගමන අවසන් කිරීමට සූදානමින් සිටියි.

පෙදුරුතුඩුවෙන් පාගමන ආරම්භ කරන අවස්ථාව සඳහා 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, 3 ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් යූ.එල්.ඩී.සී. පෙරේරා, ගිනස් ලෝක වාර්තා කමිටුවේ නියෝජිතයන් පිරිසක් සහභාගී වූ අතර, එහිදි පැවැති ආගමික වතාවත් වලින් අනතුරුව මාණ්ඩලික සැරයන් කේ.අයි.එස්. කීර්තිරත්න සිය පා ගමන ආරම්භ කරනු ලැබීය.

ගිනස් වාර්තාවක් තැබීමේ අරමුණින් මාණ්ඩලික සැරයන් කේ.අයි.එස්. කීර්තිරත්න ආරම්භ කරනු ලැබු පා ගමනට සහය පළකිරීමේ අරමුණින් සමාරම්භක අවස්ථාව සඳහා නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්ව සිටියහ.