Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th September 2023 23:11:40 Hours

64 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ජෙනරල් එම්.එස්. දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී පසුගිය සිකුරාදා (සැප්තැම්බර් මස 1) දින ආගමික වතාවත් මධ්‍යයේ ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් එම්.එස්. දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව ඒම සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් විසින් ඒතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ඒතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් එම්.එස්. දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගනු ලැබීය. අනතුරුව, ඒතුමන් හමුදා සම්ප්‍රදායානුකූලව සේනාංක මූලස්ථානයේ භටපිරිස් ආමන්ත්‍රණය කළේය.

මෙම අවස්ථාව සඳහා 64 පාබල සේනාංක මූලස්ථානය යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන්, මාණ්ඩලික නිලධාරින්, අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.