Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th September 2023 19:02:28 Hours

අධිකාරි නොලත් නිලධාරී කළමනාකරණ පාඨමාලාවේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායට

අම්පාර සටන් පුහුණු පාසලේ 2022 නොවැම්බර් මස 14 දින සිට දෙසැම්බර් මස 03 දින දක්වා පැවති ‘කොමිෂන් නොලත් නිලධාරී නායකත්ව ප්‍රවර්ධන ප්‍රගමන පාඨමාලාවේ’ දෙවන ස්ථානය හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ කෝප්‍රල් වී.සී. ඒකනායක සමත්විය.

ඉහත දක්වා ඇති පාඨමාලාවේ විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ කෝප්‍රල් වී.සී. ඒකනායක ත්‍රිකුණාමලය, චීන වරාය ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨය වෙතින් 2023 මැයි මස 02 සිට අගෝස්තු මස 13 දින දක්වා පැවැත්වූ ‘අධිකාරි නොලත් නිලධාරී කළමනාකරණ පාඨමාලාව’ හැදෑරීමට සුදුසුකම් ලැබූ අතර එම පාඨමාලාවේ ප්‍රථම ස්ථානයට හිමිකරගැනීමට එම කොමිෂන් නොලත් නිලධාරියා සමත්විය.