30th August 2023 19:50:32 Hours
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථාපිත 4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය විසින් ‘Effective Trooping through Preparedness’ තේමාව ඔස්සේ ‘Diners' Club’ සැසියක් පසුගිය සෙනසුරාදා (අගෝස්තු මස 26) දින පැවැත්වීය.
මෙම සැසිය සඳහා ආරාධිත උපදේශක වශයෙන් ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී විය.
‘Effective Trooping through Preparedness’ යන මාතෘකාව යටතේ වෘත්තීයමය පුහුණුවේ වැදගත්කම පිළිබඳ අවධාරනය කළේය. එහිදී එතුමන් සම්ප්‍රදායික නොවන තර්ජන මඟින් වත්මන් ආරක්ෂක තත්ත්වය තුළ භටපිරිස්හි රාජකාරි ස්වභාවය සහ කටයුතු කිරීම පිළිබඳව අවබෝධ කරගැනීමේ වැදගත්කම පිළිබඳව ද දැනුවත් කෙරිණී.
මෙම අවස්ථාවට සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති, මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී වූහ.