Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th August 2023 22:19:35 Hours

52 පාබල සේනාංකයේ 28 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරේ

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයේ 28 වන සංවත්සර දිනය පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු මස 24) දිනට යෙදී තිබිණි.

සංවත්සර දිනයේදී, 52 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත 23 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය ද පුදකළහ.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබූ සමූහ ඡායාරූපයකට සහභාගි වූ සේනාංකාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව භටපිරිස් ආමන්ත්‍රණය කළේය.

සංවත්සර සැමරුම් උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් පැවැත්විණි.