Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th August 2023 11:51:27 Hours

‘Ride with Pride’ සංහිඳියාවේ පාපැදි සවාරිය ඇරඹෙයි

යුද්ධ හමුදාවේ ශක්තිය, අධිෂ්ඨානශීලීත්වය සහ අභිමානය සංකේතවත් කිරීම උදෙසා පවත්වන ‘Ride with Pride’ සුහද පාපැදි සවාරිය අද (29) දින දෙවුන්දර තුඩුවෙන් ආරම්භ කෙරිණි. පේදුරුතුඩුව දක්වා දිවෙන උතුරු දකුණු මිත්‍රත්වයේ බැඳීම විදහා දක්වන මෙම පාපැදි සවාරිය කිලෝමීටර් 582 කින් යුක්ත වන අතර මෙම පාපැදි සවාරිය මේජර් ජෙනරල් එස්. බාලසූරිය යූඑස්පී (විශ්‍රාමික), මේජර් ජෙනරාල් කේ.පී.එස්. ප්‍රේමලාල් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී (විශ්‍රාමික) සහ කර්නල් ඩබ්ලිව්.එන්.පී.එස්.කේ. පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී (විශ්‍රාමික) ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

‘Ride with Pride’ සුහඳ පාපැදි සවාරිය ගාල්ල, අලුත්ගම, කොළඹ, මීගමුව, පුත්තලම, මැදවච්චිය, වවුනියාව, කිලිනොච්චිය සහ අලිමංකඩ හරහා පැමිණ දින 06 කින් පසුව එළඹෙන ඉරිදා (සැප්තැම්බර් මස 03) දින පේදුරුතුඩුවට ළඟාවීමට නියමිතව ඇත. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම යටතේ මෙම සුහද පාපැදි සවාරිය පැවැත්වේ.

මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් දශක ගණනාවක් කැපවීමෙන් සෙවය කළ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කිර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් තිදෙනෙකු මීට සහභාගී වන අතර විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින් තිදෙනෙක් එක්ව මෙවැනි දීර්ඝ පාපැදි සවාරියක නිරත වන ප්‍රථම අවස්ථාව මෙය වේ.

මෙම පාපැදි සවාරියේ සමාරම්භක අදියර සඳහා 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ ආර්එස්පි යූඑස්පි, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ පාපැදි ධාවකයින් 03 දෙනෙක් සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු පාපැදි ධාවකයින් 03 දෙනෙකු ද සහභාගී වූහ.