28th August 2023 22:20:55 Hours
උපායමාර්ගික, සංකල්ප සහ පරිවර්ථනයන් අධ්‍යයනය කිරීමේ අරමුණින් අගෝස්තු මස 27 දින සිට 31 දින දක්වා පස්දින අධ්‍යයන චාරිකාවක නිරතව සිටින රියර් අද්මිරාල් සංජය සච්දේවා (Rear Admiral Sanjaya Sachdeva) ප්රමුඛ සාමාජිකයන් තවදෙනෙකුගෙන් සමන්විත ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යාල දූත පිරිස සඳුදා (28) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියූ හමුවූහ.
රියර් අද්මිරාල් සංජය සච්දේවා එන්එම් එස්ඩීඑස් (නාවික හමුදා) එන්ඩීසී (Rear Admiral Sanjaya Sachdeva NM SDS (Navy) ndc) ප්රමුඛ බ්‍රිගේඩියර් රජත් කුමාර් (Brigadier Rajat Kumar), බ්‍රිගේඩියර් අනුජ් කාලියා වීඑස්එම් (Brigadier Rajat Kumar VSM) සහ එයාර් කොමදෝරු අෂින් ශ්රිවස්තාවා වීඑම් වීඑස්එම් (Ashish Srivastava VM VSM) සමඟ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියූ පැවැත්වූ සුහද හමුවේදී පුහුණු ක්‍රමවේදයන් පිළිබඳ අදහස් හුවමාරු කරගත් අතර දෙරටෙහි හමුදා සාමාජිකයන් සමඟින් සිය අත්දැකීම් පිළිබඳව ද කරුණු සාකච්ඡා කරනු ලැබීය.
රියර් අද්මිරාල් සංජය සච්දේවා එන්එම් එස්ඩීඑස් (නාවික හමුදා) එන්ඩීසී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියූ මීට වසර කිහිපයකට ප්‍රථම ඉන්දුනීසියාවේදී පැවති ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පාඨමාලාවේ සමකාලීනයන් ද විය.
සුහද හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියූ සහ රියර් අද්මිරාල් සංජය සච්දේවා එන්එම් එස්ඩීඑස් (නාවික හමුදා) එන්ඩීසී අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.
මෙම අවස්ථාව සඳහා අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ බ්‍රිගේඩියර් පී.කේ.එස්. නන්දන ආර්එස්පී යූඑස්පී පීඑස්සී ද සහභාගි වූහ.