Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th August 2023 22:23:49 Hours

හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරල් දයා රත්නායක (විශ්‍රාමික) යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකා පාබල හමුදාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 20 වන යුද්ධ හමුදාධිපති ජෙනරල් ආර්.එම්. දයා රත්නායක (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පී එන්ඩීයූ පීඑස්සී අද උදෑසන (අගෝස්තු මස 28) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීයූ හමුවිය.

මෙම සුහද හමුවේදී, හිටපු යුද්ධ හමුදාධිපති වසර 35 කට අධික සේවා කාලය තුළ විවිධ තනතුරු හොබවමින් යුද්ධ හමුදාව සහ මව්බිමේ අභිවෘද්ධිය වෙනුවෙන් සිදුකළ සේවය මෙන්ම නැගෙනහිර මානුෂීය මෙහෙයුමේ නිරතව සිටියදී සිදුකළ නිර්භීත කාර්යභාරය ද යුද්ධ හමුදාධිපතිතුමන් සිහිපත් කළේය. මෙම සුහද හමුව සංවිධානය කිරීම සබැඳීව ජෙනරල් ආර්.එම්. දයා රත්නායක (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පි වීඑස්වී යූඑස්පි එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළ අතර සුහද හමුව සමාප්තියේ එතුමන්ගේ සුබපැතුම් ද යුද්ධ හමුදාධිපතිතුමන් වෙනුවෙන් එක්කළේය.

සුහද හමුව සමාප්තියේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීයූ විසින් ජෙනරල් ආර්.එම්. දයා රත්නායක (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පි වීඑස්වී යූඑස්පි එන්ඩීයූ පීඑස්සී සුබපැතුම් එක්කරමින් සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.