28th August 2023 22:45:22 Hours
‘ආරක්ෂක සේවා පැසිපන්දු තරඟාවලිය - 2023’ හි අවසන් අදියරේ තරඟ අගෝස්තු මස 25 දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා පැසිපන්දු කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.ආර්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ජේ.බී. වනිගසේකර වීඑස්වී යූඑස්පී සහභාගී වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධ්යක්ෂ ජෙනරල් ගුවන්යානා ඉංජිනේරු එයාර් වයිස් මාර්ෂල් ටී.ඒ.ඩී.ආර්. සේනානායක සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රීඩා අධ්යක්ෂ කොමදෝරු රොෂාන් අතුකෝරල ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැසිපන්දු කමිටුව විසින් සංවිධානය කරනු ලැබූ මෙම තරඟාවලියේදී පැසිපන්දු කණ්ඩායම් අතර තියුණු තරඟයක් පැවැත්විණි. එහි පිරිමි කාණ්ඩයේ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැසිපන්දු කණ්ඩායම දිනාගත් අතර අනුශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායමට හිමිවිය.
මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා අධ්යක්ෂ බ්‍රිගේඩියර් අනිල් පීරිස්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.