25th August 2023 20:32:26 Hours
513 පාබල බලසේනාවේ 28 වන සංවත්සරය වෙනුවෙන් එම බලසේනාවේ 150 කට අධික භටපිරිසක් ඉකුත් සෙනසුරාදා දින (අගෝස්තු 19) යාපනයි තෙලිප්පලෙයි මූලික රෝහල් පරිශ්‍රයේදී රෝගීන් වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිය රුධිර පරිත්‍යාග කරන ලදී.
එම රෝහලේ රුධිර බැංකුවේ රුධිර සංචිත හිඟ වී ඇති බව සැලවීමෙන් පසු ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය, 51 පාබල සේනාංකය සහ 513 පාබල බලසේනා මූලස්ථානය සමඟ සම්බන්ධීකරණයෙන් රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය මෙම ව්‍යාපෘතිය දියත් කරන ලදී.
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය සහ 51 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය දියත් කරන ලදී. 513 පාබල බලසේනාවේ බලසේනාධිපති එම අවස්ථාවට පැමිණ ව්‍යාපෘතියේ අධීක්ෂණ කටයුුතු සිදුකරනු ලැබීය.