Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th August 2023 09:48:51 Hours

යුද්ධ හමුදා භටපිරිස් චුන්නාලේ දකුණු ප්‍රදේශයේ පිහිටි රජයේ දමිළ මිශ්‍ර පාසලේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයට අයත් 521 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්හි මූලිකත්වයෙන් චුන්නාලේ දකුණු ප්‍රදේශයේ පිහිටි රජයේ දමිළ මිශ්‍ර පාසලේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරනු ලැබූ ගොඩනැගිලි සහ අනෙකුත් ස්ථානයන්හි එම ප්‍රතිසංස්කරණ කටයුතු සම්පූර්ණ කර අගෝස්තු මස 21 දින පාසල් සිසු සිසුවියන්ගේ අයිතියට පවරාදුන්හ.

එම අවස්ථාව සඳහා 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.එම්.බී. යහම්පත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියූ පීඑස්සි සහභාගි වූහ.

‘Vanni Aid Canada’ සංවිධානයේ අනුග්‍රාහකත්වය මත 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් එම පාසලේ අබලන්ව පැවති ගොඩනැගිලි, සනීපාරක්‍ෂක පහසුකම්, සේවක විවේකාගාරය, ප්‍රධාන දොරටුව, ජල ටැංකිය සහ පැති බැම්ම ප්‍රතිසංස්කරණය කරනු ලැබූ අතර භූමි අලංකරණය ද සිදුකළහ.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය නිලධාරීන්, දෙමාපියන්, සිසු සිසුවියන් සහ ප්‍රදේශවාසීන් සහභාගී වූ අතර ඔවුන් යුද්ධ හමුදාවේ කැපවීම ඇගයීමට ලක්කළහ.