27th August 2023 11:07:45 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 පාබල සේනාංකයට අයත් 513 පාබල බලසේනාවේ භටපිරිස් චුන්ඩිපුරම් ප්‍රදේශයේ පිහිටි සිවපූමි වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් 2023 අගෝස්තු මස 23 දින ලබා දුන්හ.
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය ගේ උපදෙස් හා 513 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.ආර්. රාසික් ගේ මඟපෙන්වීම මත එම බලසේනාවේ 28 වන සංවත්සර දිනයට සමගාමීව මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය.
මෙම වැඩසටහනේදී, ජ්‍යෙෂ්ඨ පිරිමි පුද්ගලයින් 20 දෙනෙකු සහ කාන්තාවන් 36 දෙනෙකු වෙත දිවා භෝජන සංග්‍රහය පිරිනැමීමෙන් අනතුරුව ඔවුන් වෙත සංගීතාස්වාදය ද ලබාදුන්හ. ඉන් අනතුරුව, වැඩිහිටි නිවාසයේ ප්‍රයෝජනය වෙනුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් ද පරිත්‍යාග කෙරිණි.