23rd August 2023 21:05:12 Hours
යුද්ධ හුමදාවේ මානව හිතවාදී බව පසක්කරමින් ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම මූලිකත්වයෙන් 2009 වර්ෂයෙන් පසු මේ දක්වා ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුල් සඳහා නිවාස 761 ක් ඉදිකර දී ඇති අතර, ඒ සඳහා රාජ්‍ය නොවන සංවිධාන, මානුෂීය ආයතන, දකුණු ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන්, විදේශීය දානපතියන් සහ ප්‍රාදේශීය ප්‍රජා කණ්ඩායම්වල අනුග්‍රහය ලැබී අත. එම ව්‍යපෘතීන් තව දුරටත් පුළුල් කරමින් ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ රාජකාරියෙහි නියුතු මධ්‍යම ආඥාපතිවරුන්, සේනාංකාධිපතිවරුන් සහ බලසේනාධිපතිවරුන්ගේ මගපෙන්වීම යටතේ නව නිවාස 13 ක ඉදිකිරිම් කටයුතු සිදුකරමින් පවතී.
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම බල ප්‍රදේශයේ දැඩි ආර්ථීක දුෂ්කරථා මධ්‍යයේ හිසට සෙවණක් නොමැතිව විවිධ දුෂ්කරථා මධ්‍යයේ ජීවත්වන ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහල නැංවීම වෙනුවෙන් යුද්ධ හමුදාව කැපවීමෙන් යුතුව මෙම නිවාස ඉදිකර දීමේ සමාජ සත්කාරක වැඩසටහනෙයි නියැලී සිටියි. මහනුවර, මාතලේ, නුවරඑළිය, මොණරාගල, බදුල්ල සහ හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක 6ක් ආවරණය වන පරිදි එම ප්‍රදේශ වල ආරක්ෂාව තහවුරු කිරීම, හමුදා මෙහෙයුම් පැවැත්වීම, ජාතිය ගොඩනැගීමේ කාර්යභාර්යෙහි නිරත වීම සහ සිවිල් - හමුදා සුහඳතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් 2013 මාර්තු 14 වැනි දින ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම, ස්ථාපනය කරන ලදී. එමගින් අදාල ප්‍රදේශවල ග්‍රාම නිලධාරී මහතුන් සමඟ සම්බන්ධීකරණයෙන් නිවාස අවශ්‍යතා සහිත පවුල් සඳහා නිවාස ඉදිකර දීම සිදුකරනු ලබයි.
2009 වර්ෂයෙන් පසු ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්ගේ ඉල්ලීම මත ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස්හි තාක්ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය ලබාදෙමින් නිවාස අවශ්‍යතා සහිත පවුල් සඳහා නිවාස 761 ක් ඉදිකර දීමට සමත් වී ඇත. එම නිවාස ඉදිකර දීම සඳහා යුද්ධ හමුදා භටපිරිස් දේශිය හා විදේශීය පරිත්‍යාගශීලීන්ගේ මූල්‍යමය දායකත්වය ලබාගනිමින් අරමුදල් රැස් කරගෙන ඇත. මේ වන විට ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම,සේනාංකාධිපතිවරුන් සහ බලසේනාධිපතිවරුන්ගේ මගපෙන්වීම යටතේ නව නිවාස 13 ක ඉදිකිරිම් කටයුතු සිදුකරමින් පවතී.දිස්ත්‍රික්ක හයෙහි අඩු ආදායම් ලාභී නිවාස අවශ්‍යතා සහිත පවුල් සඳහා නිවාස ඉදිකර දීම තුලින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ සිවිල් ප්‍රජාව අතර පවතින් සුහඳත්වය, සංහිදියාව, එකමුතු බව සහ මානව හිතවාදී බව කියාපාන හොඳම සාධකයකි.