22nd August 2023 15:30:14 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නීති සේවා අධ්යක්ෂ මණ්ඩලය විසින් ත්‍රිවිධ හමුදාවේ රාජකාරියෙහි නියුතු නිලධාරීන් වෙත ‘Duty and Responsibility of Law Enforcement within the Scope of the Armed Forces Law Officers’ යන මාතෘකාව යටතේ හරවත් දේශනයක් යුද්ධ හමුදා මූලස්ථානයේදී පසුගිය සිකුරාදා (අගෝස්තු මස 18) දින පවත්වනු ලැබීය.
යුද්ධ හමුදාවේ හිටපු අධ්යක්ෂ ජෙනරාල් නීති සේවා අධ්යක්ෂ සහ විනිසුරු අධිනීතිඥ ජෙනරාල් මේජර් ජෙනරල් එම්.ඒ.එම් පීරිස් (විශ්‍රාමික) යූඑස්පී විසින් නීතිය ක්‍රියාත්මක කිරීම, සෙබළුන්ගේ විනය ක්‍රියාමාර්ග පිළිබඳව සවිස්තරාත්මක දේශනයක් එහිදී පවත්වන ලදී.
යුද්ධ හමුදා නීති සේවා අධ්යක්ෂ මණ්ඩලයේ අධ්යක්ෂ කර්නල් එන්.එස් නල්ලප්පෙරුම යූඑස්පී එන්ඩීසී ගේ සම්බන්ධීකරණයෙන් පැවැත්වූ මෙම දේශනය සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ද සහභාගී විය.
මෙම දේශනය සඳහා ත්‍රිවිධ හමුදාවේ නීති නිලධාරීන් 85 කට වැඩි පිරිසක් සහභාගි වූ අතර, එහිදී ඔවුන්ට පැනනැගුණු ගැටළු සහ ඒවා නිරාකරනය කර ගැනීමටද අවස්ථාව හිමි විය.
දේශනය අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මේජර් ජෙනරල් එම්.ඒ.එම් පීරිස් (විශ්‍රාමික) යූඑස්පී වෙත විශේෂ සමරු තිළිණයක් පිරිනමන ලදී.
දේශනය සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සී.ඩී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, අධ්යක්ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම් අබේසේකර ආර්එස්පී වීඑස්වී යූඑස්පී, උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙක්ද සහභාගි වූහ.