Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st August 2023 22:34:33 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භටපිරිස් වැල්ලවත්ත වෙරළ තීරය පිරිසිදු කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා විශේෂ විමර්ශන ඒකකයේ භටපිරිස් 100 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් වැල්ලවත්ත වෙරළ තීරය පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය සිකුරාදා (අගෝස්තු මස 18) දින සංවිධානය කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විනයාරක්‍ෂාධිපති සහ යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී ගේ උපදෙස් මත එම බලකායේ විශේෂ විමර්ශන ඒකකයේ අණදෙන නිලධාරී කර්නල් එම්.එම්.එම්.පී මහේෂ් කුමාර ගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන පවත්වනු ලැබීය.