21st August 2023 21:58:09 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 7 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කෝවිල්කුඩුඉරුප්පු හි පිහිටි අම්මාන් කෝවිල අවට පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (අගෝස්තු මස 19) දින සංවිධානය කරන ලදී.
ප්‍රදේශයේ දමිළ ප්‍රජාව සහ භටපිරිස් අතර සාමය සහ සහජීවනය වර්ධනය කිරීමේ අරමුණින් 7 විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්ගේ ගේ උපදෙස් මත සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා එම ඒකකයෙහි නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගී වූහ.