19th August 2023 20:54:12 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකයේ 141 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 පාබල හමුදාවේ නිලධාරියෙකු සහ සෙසු නිලයින් 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කඩිනමින් ක්‍රියාත්මක වී දොම්පේ, කෑරගල, දනව්කන්ද ප්‍රදේශයේ සීග්‍රයෙන් පැතිර යමින් තිබූ ලැව් ගින්නක් මැඩපැවැත්වීමට පසුගිය සදුදා (අගෝස්තු මස 14) දින කටයුතු කරන ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිරගේ උපදෙස් මත 8 පාබල හමුදාවේ අණදෙන නිලධාරීගේ අධීක්ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් මෙම මෙහෙයුම සිදුකරනු ලැබූහ.
භටපිරිස්හි දක්‍ෂතාවයෙන් මෙම අභියෝගාත්මක කටයුත්ත සාර්ථකව සිදුකරන ලදී.